Friday, April 22, 2011
සුනෙත් මාලිංගගේ දෙවැනි සිනමා නිර්මාණය වන සුරංගනා ලොවෙන් ඇවිත් හි රෑපගත කිරීම් මේ වන විට අරඹා තිබෙයි.නිවාස සංකීර්ණයක වෙසෙන පිරිමි දරැවන් තිදෙනෙකු හා ගැහැණු දරැවන් තිදෙනෙකු වටා මෙම සිනමා පටය නිර්මානය වෙයි.විවිධ සිතුම් පැතුම් ඇති මෙම දරැවන් 6 දෙනාට සුරලොවින් පැමිණෙන සුරංගනාවක් හමුවීමත් ඵ් හරහා දුටුගැමුණු මහරජු -වීර පුරන් අප්පු-ෂර්ලොක් හෝම්ස් -ඇලඩින් හා ඇලඩින්ගේ මුද්දේ සිටින භූතයා ඇතුළු සුවිශේෂී වූ පිලිගත් චරිත කිහිපයක්ම දැන හදුනා ගැනීමට අවස්ථාව උදාවෙනවා.ඵ් හරහා ඔවුන්ගේ දුර්වලකම් මගහරවා සමාජයට යහපත් දරැ පිරිසක් බිහිකරීමට අවශ්‍ය මගපාදාදීම ගැන මෙමගින් කථාකරනවා.මෙහි ඵන සුවිශේෂත්වය නම් දුටුගැමුනු පරපුර ගැන නිතර ජනමාධ්‍ය හරහා කථා කරන දේශපාලන චරිතයක් වූ අමාත්‍ය මර්වින් සිල්වා දුටුගැමුණු චරිතය තුලින් සිනමාවට පිවිසීමයි.මෙහි ඵන සුරංගනාව නම් සදලි සුලක්ඛනායි.වීර පුරන්අප්පු ලෙස වසන්ත කුමාරවිලත් ඇලඩින් ලෙස මිහිරි සිරිතිලකත්(පබළු හි නිරේෂ්) භූතයා ලෙස ජනක රනසිංහත් ෂර්ලොක් හෝම්ස් ලෙස පුබුදු චතුරංගද චරිත නිරෑපණය කරයි.සීගිරිය-පාදුක්ක-අතුරැගිරිය-මීපෙ-බණ්ඩාරගම ආදී පුදේශ ගණනාවක ඇවිත් රෑපගත කිරීම් සිදුකරයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment